Monday, April 29, 2024

General line - 0115112241

ලක්ෂ 40ක ඩොලර් හා දුම්වැටි තොගයක් රැගෙන කටුනායකින් ආ චාවකච්චේරියේ අයෙක් අත්අඩංගුවට




නීති විරෝධීව මෙරටට අමෙරිකානු ඩොලර් හා දුම්වැටි තොගයක් රැගෙන ආ පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු ඉන්දියාවේ චෙන්නායිහි සිට පැමිණි ගුවන් යානයකින් මෙරටට පැමිණ ඇති බවයි ගුවන් තොටුපල නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. සැකකරුගේ ගමන් මල්ලේ සහ ඉණ පටියක සඟගවා තිබූ අමෙරිකානු ඩොලර් 25,000ක් සහ දුම්වැටි පැකට් 120ක් රේගු නිලධාරීන් භාරයට ගැණුනා.

ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 40ක් බවටයි ගණන් බලා ඇත්තේ. අත්අඩංගුවට ගත් සැකකරු චාවකච්චේරි ප‍්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙක්.

ගුවන් තොටුපල රේගුව සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.