Saturday, October 19, 2024

General line - 0115112241

"රුධිර හිඟයක් ඇති විය හැකියි" - ලේ බැංකුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි




රුධිර පරිත්‍යාග කරන ලෙස ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

ඩෙංගු සහ වෙනත් රෝග තත්ත්වයන් හේතුවෙන් සෑම වසරකදීම ගබඩාගත රුධිර ප්‍රමාණය අඩුවන බැවින් රුධිරය පරිත්‍යාග කරන ලෙසයි ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

එම මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන සඳහන් කළේ සෑම වසරකම ජනවාරි සිට අප්‍රේල් මාසය දක්වා කාලය තුළ රුධිරය පරිත්‍යාග කිරීම ද අවම වන බවයි.

එම නිසා රුධිරය හිඟයක් ඇතිවිය හැකි බැවින් රුධිර පරිත්‍යාගශීලීන්ගෙන් කඩිනමින් රුධිරය පරිත්‍යාග කර ගැනීමට සිදුව ඇති බව අධ්‍යක්ෂවරයා සඳහන් කරනවා.

නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයට හෝ ලඟම පිහිටි රෝහලේ රුධිර මධ්‍යස්ථානයට පැමිණ රුධිරය පරිත්‍යාග කරන ලෙස අධ්‍යක්ෂවරයා ජනතාවගෙන් මෙලෙස වැඩි දුරටත් ඉල්ලා සිටියා.