යාපනයේ තෙලිප්පලෙයි ප්රදේශයේ තම දියණිය දූෂණය කළ පියෙකුට යාපනය මහධිකරණ විනිසුරු එම්.ඉලන්චෙලියන් විසින් අද (9) වසර තුනක බරපතල වැඩ සහිතව සිර දඩුවමක් නියම කර තිබෙනවා.
මෙම සිරදඬුවමට අමතරව රුපියල් 45000 ක වන්දියක් දියණියට ගෙවන ලෙසද නියම කල විනිසුරුවරයා චූදිත පියාට රුපියල් 6000 ක දඩයක්ද නියම කළා.
මෙම දුෂණය සිදුව ඇත්තේ පසුගිය වර්ෂයේදී වන අතර නඩුවේ සාක්ෂි එකිනෙකට පරස්පර විරෝධී වීම මත චූදිත පියාට සිර දඬුවම් නියම කර ඇත්තේ වසර තුනකට පමණයි.