Friday, October 18, 2024

General line - 0115112241

ජනාධිපතිවරයාගේ ධූර කාලය ගැන අධිකරණයේ තීන්දුව මෙන්න 




ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර 5ක් බවට ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපති ලේකම් කාර්යාලයට දැනුම්දී තිබෙනවා.

ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මේ බව නෙත් නිවුස් වෙත තහවුරු කරනු ලැබුවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයට අනුව වර්තමාන ජනාධිපතිවරයාගේ ධූර කාලය සම්බන්ධයෙන් මත දෙකක කතිකාවක්  මතුව තිබියදී 
ජනාධිපතිවරයා  විසින් ධූර කාලය පිළිබඳව නිවැරදි මතය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසා තිබුණා.

මෙම දැනුම් දීම කරන ලද්දේ ඒ අනුවයි.