Friday, October 18, 2024

General line - 0115112241

අද සලකා බැලීමට ඊයේ නියම කෙරුණු ප්‍රතික්ෂේප වූ නාමයෝජනාවලට වෙච්ච දේ (UPDATE)

අධිකරණ වාර්තාකරු




ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයක් පළාත් පාලන ආයතන සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් යොමු කළ රිට් පෙත්සම් 14  ක් සලකා බැලීම ලබන සිකුරාදාට (19)  කල් තැබීමට අභියාචනාධිකරණය අද (16) තීරණය කළා.

මෙම පෙත්සම් විමසීමට සිකුරාදා දින ලබා දෙන ලෙසට පෙත්සම්කරුවන්ගේ නීතිඥවරු අභියාචනාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ විනිසුරු ශිරාන් ගුණරත්නට දැන්වුවා.

නාමයෝජනා ප්‍රතික්ෂේප වීම් අනුව මෙම පෙත්සම් වර්ග තුනකට වෙන් කොට සිකුරාදා දින කරුණු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි නීතිපතිවරයා අධිකරණයට දන්වා සිටියේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් මහරගම නගර සභාව, වැලිගම නගර සභාව, මහියංගණය ප්‍රාදේශීය සභාව, පානදුර නගර සභාව, තිරප්පනේ ප්‍රාදේශීය සභාව සහ අගලවත්ත ප්‍රාදේශීය සභාව ඇතුළු පළාත් පාලන ආයතන කිහිපයකට ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබුණා.

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ඇතුළු පක්ෂ කිහිපයක් පළාත් පාලන ආයතන සඳහා ඉදිරිපත් කළ නාම යෝජනා ප‍්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ රීට් පෙත්සම් සලකා බැලීම අද (16) දිනයට කල් තබා තිබුණේ  අදාළ පෙත්සම් අභියාචනාධිකරණයේදී ඊයේ (15) සලකා බැලූ අවස්ථාවේදීයි. 

 

--------------------------------------

පොහොට්ටුවේ ප්‍රතික්ෂේප වූ නාමයෝජනා ගැන තීරණය හෙට 

(15-01-2018 18:38)

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ඇතුළු පක්ෂ කිහිපයක් පළාත් පාලන ආයතන සඳහා ඉදිරිපත් කළ නාම යෝජනා ප‍්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ රීට් පෙත්සම් සලකා බැලීම හෙට (16) දිනයට කල් තබා තිබෙනවා.  ඒ අදාළ පෙත්සම් අභියාචනාධිකරණයේදී අද (15) සලකා බැලූ අවස්ථාවේදීයි. 

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ විසින් නගර සභා 3කට හා ප‍්‍රාදේශිය සභා 3කට ඉදිරිපත් කළ නාමයෝජනා ප‍්‍රතික්ෂේප කිරීමට මැතිවරණ කොමිෂන් සභාව ගත් තීරණය අභියෝගයට ලක් කරමිනුයි මෙම රීට් පෙත්සම් ගොනු කර තිබුනේ. මහරගම, වැලිගම සහ පානදුර යන නගර සභා මෙන්ම මහියංගනය, තිරප්පනේ සහ අගලවත්ත යන ප‍්‍රාදේශීය සභා සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා මෙලෙස ප‍්‍රතික්ෂේප වුණා.

මේ අතර දෙහිඅත්තකණ්ඩිය ප‍්‍රාදේශීය සභාවේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ නාමයෝජනා පත‍්‍රය ප‍්‍රතික්ෂේප කිරීමට එරෙහිව එම පක්ෂය ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද විභාගයට නොගෙනම ප‍්‍රතික්ෂේප කෙරුණා.