හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද ඝාතන කිරීමට තැත් කිරීමේ සිද්ධියකට වරදකාරිය වූ කාන්තාවකට අද (14) වසර 2ක අත්හිටවූ සිර දඬුවම් නියම වුණා.
ඒ, කොළඹ මහාධිකරණය විසින්.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකාරිය මේ දක්වා වසර 13ක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි අතර මේ හේතුවෙන් ඇයට ලිහිල් දඬුවමක් නියම කිරීමටයි මහාධිකරණ විනිසුරුවරයා තිරණය කළේ.
2014 වර්ෂයේ ජූලි මාසයේදී කොල්ලූපිටිය ප‍්‍රදේශයේදී ඩග්ලස් දේවානන්ද ඝාතනය කිරීමේ අරමුණින් මරාගෙන මැරෙන බෝම්බ පුපුරවා හැරීමට ආධාර අනුබල දුන් බවට සැකකාරියට චෝදනා එල්ල වුණා.
ඇයට නියම කළ වසර 2ක සිර දඬුවම් වසර 15ක කාලයක් සඳහා අත්හිටුවමින් රුපියල් 25,000ක දඩයක් ද නියම කර තිබෙනවා.