Friday, October 18, 2024

General line - 0115112241

කොළඹ ඡන්දය කල් දමන්න කියූ පෙත්සමට අධිකරණ තීන්දුව ලැබෙයි




කොළඹ මහනගර සභාවේ මැතිවරණය පැවැත්වීම වළක්වන්නැයි ඉල්ලා ජාතික ජනතා පක්ෂය ගොනු කළ රීට් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය අද (17) විභාගයට නොගෙන ප‍්‍රතික්ෂේප කළා. පෙත්සම ගොනු කර තිබුනේ කොළඹ මහ නගර සභාවට ඉදිරිපත් කළ නාම යෝජනා ප‍්‍රතික්ෂේප කිරීමට එරෙහිවයි.

නාමයෝජනා පත‍්‍රයට අඩංගු විය යුතු සභික සංඛ්‍යාව නොමැති වීමේ පදනම මතයි මැතිවරණ කොමිෂන් සභාව එය ප‍්‍රතික්ෂේප කර තිබුණේ. එම නියෝගය අවලංගු කරන ලෙසට පෙත්සමෙන් ඉල්ලා තිබුණා. පෙත්සම විභාග කර අවසන් වනතුරු කොළඹ මහනගර සභාවේ මැතිවරණය වළක්වන ලෙසටයි එමගින් ඉල්ලා තිබුණේ. 

කෙසේ වෙතත් පෙත්සම සලකා බැලීමට හා ඉන් අයැද සිටින සහනයන් ලබා දීමට කිසිඳු නීතිමය පදනමක් නොමැති බවයි ශ්‍රේෂ්ඨාධිකරණ ති‍්‍රපුද්ගල විනිසුරු මඬුල්ල අද නියෝග කළේ.