Friday, October 18, 2024

General line - 0115112241

ජනපති විවේචනය කළ මරික්කාර්ට අද කළ දැනුම්දීම

චම්ලි ඒකනායක




පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර්ට ජනාධිපතිවරයාගෙන් සමාව අයැදින මෙන් අග්‍රාමාත්‍යවරයා දැනුම් දී තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (17) රැස්වූ අවස්ථාවේ වික්‍රමසිංහ මහතා ඒ  බව ප්‍රකාශ කළා. තමා විසින් මරික්කාර් මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා වෙත කැඳවාගෙන ගොස් සමාව ගැනීමට සලස්වන බවද ඔහු මෙහිදී වැඩිදුරටත් පවසා තිබෙනවා.

ජනාධිපතිවරයා පික් පොකට් ගහපු ජනාධිපතිවරුයකු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් පසුගියදා පැවසුවා. "දැන් මේ ගොල්ලෝ බලාගෙන ඉන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයගෙන් ආප්ප කාලා කෙලිය වගේ, අපේ පිහිටෙන් ජනාධිපති වෙලා ඊලඟ ඡන්දෙදි අපිට කෙලින්නං කියලා. දැන් ඉන්නේ අපි මහින්ද රාජපක්ෂ මහත්තයගෙන් පික් පොකට් ගහපු ජනාධිපතිවරයෙක්, එයාට මතක නෑ එයා පිට් පොකට් ජනාධිපතිවරයෙක් කියල." යැයි පැවසුවා.