Friday, October 18, 2024

General line - 0115112241

තද ප්‍රකාශයක් කළා තමයි! හැබැයි නැගිටල ගියේ අරකට! ජනපති කැබිනෙට්ටුවෙන් නැගිට යාමට හේතුව රාජිත කියයි




ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයෙන් හදිසියේ නැගිට යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අද පැවැති මාධ්‍ය සාකච්ඡා කිහිපයකදී අදහස් පළ වුණා. මේ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න.

"නැගිටලා ගියේ එතුමට ඇතිවුණ ස්වාභාවික අවශ්‍යතාවයක් ඉටු කරගන්න. මමත් දෙතුන් වතාවක් ගියා." යැයි පැවසූ ඇමතිවරයාගෙන් මාධ්‍යවේදියකු විමසුවේ ජනාධිපතිවරයා එම අවස්ථාවේ නැගිට ගියේ එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියා කලාපය ගැන දැඩි ප්‍රකාශයක් කිරීමෙන් අනතුරුව නොවෙද යන්නයි. "ඔව් එතුම ඊට කලින් ප්‍රකාශයක් කළා තමයි. එබැයි නැගිටල ගියේ අරකට." යැයි පවසනවා.