Friday, October 18, 2024

General line - 0115112241

විදුලි සේවක වර්ජනය අවසන් (UPDATE)




විදුලි සේවකයින් අද (18) දිනයේ ක්‍රියාත්මක කළ දීපව්‍යාප්ත වැඩවර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. 

------------------------------------------------------------------------------------------

අද අඛණ්ඩ විදුලි සැපයුමට බාධා වෙයි ලු

18-01-2018 06:32

අද (18) දිනයේ දීපව්‍යාප්ත වැඩවර්ජනයක නිරත වන බව විදුලි සේවකයින් පවසනවා. ඒ විදුලි බල මණ්ඩලය තුළ ඊයේ (17) ඇතිවූ උණුසුම් තත්ත්වය්දී පොලීසිය විසින් තමන්ට පහර දුන් බවට පවසමින්.

සිය විරෝධතාවට පොලිස් කැරලි මර්ධන ඒකකයේ මැදිහත් වීමට විරෝධය පළ කරන බවයි ඔවුන් පැවසුවේ.

විදුලි බල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් සඳහන් කළේ අද දිනයේ දී සියලුම සේවකයින් කොළඹට කැඳවීමට තීරණය කර ඇති බවයි. විදුලිබල මණ්ඩලයේ සිදුව ඇති මූල්‍ය වංචාවට විරෝධය පාමින් මෙම සටන ගෙන යන බවත් සඳහන් කළා. වැඩවර්ජනය හේතුවෙන් අඛණ්ඩ විදුලි සැපයුමට බාධාවක් සිදුවිය හැකි බවටයි වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ.

නෙත් නිවුස් ඒ සම්බ්ධයෙන් විදුලි බල අමාත්‍යාංශයෙන්ද විමසීමක් කළා. එහි සංවර්ධන අධ්‍යක්ෂ සුලක්ෂණ ජයවර්ධන සඳහන් කළේ යම්කිසි පාර්ශ්වයක් වර්ජනයක් සිදු කරන්නේ නම් විදුලි සැපයුම අඛණ්ඩව ලබාදීමට අවශ්‍ය පියවර ගැනීමට විදුලි බල මණ්ඩලය සූදානමින් ඇති බවයි.  

සිය ගැටළු සම්බන්ධයෙන් විදුලි බල සේවකයින් අමාත්‍යාංශ ලේකම්වරයා සමගද ඊයේ සාකච්ඡ කළා. එහෙත් එම සාකච්ඡා අසාර්ථක වීමෙන් පසුවයි ඔවුන් විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා හමුවීමට පැමිණ ඇත්තේ. එහිදී විරෝධතාවයේ නිරත වූ පිරිස සභාපතිවරයාගේ නිල කාමරය වට කළා. සභාපතිවරයා ඇතුළු නිලධාරීන් බලහත්කායෙන් රඳවා ගෙන සිටිම නතර කරන ලෙස දන්වමින් පොලීසිය කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් නියෝගයක්ද ලබා ගත්තා.

එහෙත් එය භාර ගැනීමට විදුලි සේවකයින් කැමැත්ත පළ කලේ නැහැ. ඒ අනුවයි ඊයේ රාති‍්‍ර 8.30ට පමණ කැරලි මර්ධන ඒකකයේ නිලධාරීන් පැමිණියේ. එහිදී විදුලි බල මණ්ඩල පරිශ‍්‍රයේ ඇතිවූයේ උණුසුම් තත්ත්වයක්. 

පැය 5කට අධික කාලයක් සේවකයින්ගේ ග‍්‍රහණයේ සිටි විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා කැරලි මර්ධන ඒකකයේ නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් පසුව මුදා ගැනුණා. 
 

---------------------------------------------

විදුලි සේවකයින් හෙට සිට රට පුරා කරන්න යන වැඩේ

(17-01-2018 21:53)

 

විදුලි බල මණ්ඩලයේ සේවකයින් කාර්යාල අඩස්සියේ  තබාගත් ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා පොලීසිය හා පොලිස් විශේෂ  කාර්ය බලකාය මැදිහත්වී මුදාගෙන තිබෙනවා.

ලංකා විදුලිබල මණ්ඩල මූලස්ථානයේ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වී ඇති බව වාර්තා වන අතර, හෙට (18) සිට දිවයින පුරා වැඩවර්ජනයක් දියත් කිරීමට විදුලි බල මණ්ඩල වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා. ඒ විදුලි බල මණ්ඩල සේවකයින් කිහිප දෙනෙකු අත් අඩංගුවට ගැනීම හේතුවෙන්.