බැඳුම්කර ගනුදෙනුවට අදාළ ජනාධිපති පර්යේෂණ කොමිසමේ වාර්තාවේ පිටපතක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර රවී කරුණානායක විසින් ලබා ගෙන තිබෙනවා.
ඒ තොරතුරු දැන ගැනීමේ පනත යටතේයි.
මන්තී‍්‍රවරයා රුපියල් 5,000ක මුදලක් ජනාධිපති කාර්යාලයට ලබා දී බැඳුම්කර වාර්තාවේ පිටපතක් ලබා ගත් බවයි වාර්තා වුණේ.
මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් ජනාධිපති කාර්යාලයේ ඉහළ නිලධාරියෙකුගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ බැඳුම්කර වාර්තාවේ මුද්‍රිත පිටපතක් ලබා දෙන්නේ රුපියල් 5,000ක මුදලකට බවයි. එම මිල නියම කරනු ලැබ ඇත්තේ රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විසින්.
රවී කරුණානායක මන්තී‍්‍රවරයාට අමතරව පාර්ලිමේන්තු මන්තී‍්‍ර නලින්ද ජයතිස්ස, බත්තරමුල්ලේ සීලරතන හිමියන් ඇතුළු 7 දෙනෙකු බැඳුම්කර වාර්තාවේ පිටපත් ඉල්ලා තිබෙනවා. කෙසේ වෙතත් රවී කරුණානායක මන්තී‍්‍රවරයා එම වාර්තාව පිළිබඳ ඉකුත් දා අදහස් පළ කරමින් සඳහන් කළේ කොමිසමේ සැබෑ වාර්තාව තවම ඉදිරිපත් කර නොමැති බවයි. ඒ පිළිබඳව තමා ආණ්ඩුවට අභියෝග කරන බවද සඳහන් කළා.
බැඳුම්කර වාර්තාව රවී කරුණානායක මන්තී‍්‍රවරයාට කඩිනමින් ලැබුණේ කෙසේදැයි මාධ්‍යවේදීන් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න ගෙන් ඊයේ (17) විමසා සිටියා.
එහිදී සඳහන් කෙරුණේ "මම දන්නෑ කොහින් ලැබුණද කියලා..දැන් රවී කරුණානායක කිව්වනේ එතුමගේ නමත් නැහැයි කියලා. නමක් නැත්නම් ජනාධිපතිවරයෙක් නිකං කියවයිද මං අහන්නේ.. මොනාද මේ කතා." යනුවෙනි.
කෙසේ වෙතත් රවී කරුණානායක මන්තී‍්‍රවරයාට කඩිනමින් පිටපතක් ලබා දීම සම්බන්ධයෙන් නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මෙලෙස පැහැදිළි කළා. එහිදී සඳහන් කෙරුණේ අදාළ වාර්තාව මගින් හඳනාගත් ආයතන සහ නිලධාරීන් වෙත මෙකී වාර්තාව සහ අදාළ ලේඛණ ඉදිරිපත් කිරීමට නිර්දේශ කර ඇති බවයි.
එම වාර්තාවේ පිටපතක් පාර්ලිමේන්තුවට ලබා දුන්නේ ඊයේ (17) දිනයේයි. එහිදී වාර්තාවේ ඉංගී්රසි පිටපත් 26ක් සහ සංක්ෂිප්ත වාර්තාවක්ද පාර්ලිමේන්තුව වෙත ලබා දුන්නා.