Friday, October 18, 2024

General line - 0115112241

නිල ඡන්ද දැන්වීම් පති‍්‍රකා අද තැපෑලට - කට්ටලයේ අඩංගු දේ ගැනත් පැහැදිළි කරයි

තරංග රුක්ෂාන් ජයසේකර




පළාත් පාලන මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පති‍්‍රකා අද (18) තැපෑලට යොමු කරනවා.

නිවෙස්වලට බෙදා හැරීම ආරම්භ වන්නේ ඉන් පසුවයි.

ඒ සම්බන්ධයෙන් අතිරේක මැතිවරණ කොමසාරිස් එම්. එම්. මොහොමඩ් නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් සඳහන් කළේ සෑම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවක්ම එක් එක් ගෘහයන්ට අදාළ කට්ටලයක් බැගින් ලබාදෙනු ඇති බවයි.  එම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සමග එක් එක් පළාත් පාලන ආයතනයට තරග කරන අපේක්ෂකයන්ගේ නාමාවලියේ පිටපතක්ද ලබා දීමට නියමිත බවත් පෙන්වා දුන්නා.

මෙවර මැතිවරණයේදී ඡන්දය දීම සඳහා සුදුසුකම් ලබා ඇති සංඛ්‍යාව එක් කෝටි පනස් හත් ලක්ෂ හැටදහස් අටසිය පනස් දෙකක්. ඉන් පන්ලක්ෂ හැට දහස් විස්සක් තැපැල් ඡන්ද දායකයින්.