Friday, October 18, 2024

General line - 0115112241

හෙට රාත්‍රියේ සිට හෙට්ටියාවත්ත හන්දියෙන් පාරක් වසා දැමේ




කොටහේන අළුත් මාවතේ හෙට්ටියාවත්ත හන්දියේ සිට ඉබ්බගේවත්ත හන්දිය දක්වා රාමනාදන් මාවත හෙට (19) රාති‍්‍රයේ සිට තාවකාලිකව වසා තැබෙනවා.

ඒ රාති‍්‍ර 9.00 සිට ලබන සඳුදා උදෑසන 5.00 දක්වායි. මාර්ගයේ අළුතින් ජල නල එලීම ඊට හේතුව බවයි පොලීසිය පැවසුවේ.

ඒ අනුව විකල්ප මාර්ග ලෙස පිටකොටුව කොච්චිකඩේ සිට පැමිණෙන වාහන හෙට්ටියාවත්ත හරහා ජෝර්ජ් ආර්ද සිල්වා මාවතෙන් බ්ලූ මැන්ඩල් හන්දිය ඔස්සේ බෝධිය හන්දිය, මාදම්පිටිය මාර්ගයට හෝ සෙන් ජේම්ස් මාවතට පිවිසිය හැකියි.

මට්ටක්කුලිය දෙස සිට පැමිණෙන වාහන මාදම්පිටිය, සෙන් ජේම්ස් මාවතින් බෝධිය හන්දිය හරහා බ්ලූ මැන්ඩල් මාර්ගයෙන් ජේාර්ජ් ආර්ද සිල්වා මාවත ඔස්සේ හෙට්ටියාවත්ත හන්දියට ගමන් කළ හැකි බව පොලීසිය පැවසුවා.