Friday, October 18, 2024

General line - 0115112241

නාවල ඉන්ධන පිරවුම්හලක සියලු පොම්ප සීල් තබයි - හේතුව මෙන්න

චම්ලි ඒකනායක




නාවල පිහිටි ඉන්ධන පිරවුම් හලක් තුළ සිදු වූ නීති විරෝධී කටයුත්තක් හේතුවෙන් එම ඉන්ධන පිරවුම්හලට මුද්‍රා තැබීමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙනවා.

රාජගිරිය - නාවල මාර්ගයේ විවෘත විශ්ව විද්‍යාලය ඉදිරිපිට පිහිටි ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ බෙදුම්කාරීත්වය දරණ මෙම ඉන්ධන පිරවුම්හලේ පොම්ප සියල්ලට සීල් තැබීමටයි මේ අනුව සංස්ථාව පියවර ගෙන ඇත්තේ.

ඒ සම්බන්ධයෙන් ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කාර්යාලය විසින් පැහැදිළි කරමින් නිවේදනයක්ද නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය පහතින් දැක්වෙනවා.

ඉන්ධන ලබා ගැනීමේදී මීටරය පෙර ඉන්ධන ලබා ගත් සීමාවේ සිට ක්‍රියාත්මක කළ බවට චෝදනා එල්ල කෙරුණු වීඩියෝවක්ද මීට පෙර සමාජ ජාල ඔස්සේ දැඩි කතාබහ මතු කළා. එම වීඩියෝවේ දැක්වුණේද මෙම ඉන්ධන පිරවුම්හලෙන් සිදු කෙරුණු අකටයුතුකමක් පිළිබඳවයි.