Friday, October 18, 2024

General line - 0115112241

හිටපු අගවිනිසුරුට සිතාසි




හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් ඇතුළු තිදෙනෙකුට කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් සිතාසි නිකුත් කර තිබෙනවා. ඒ අල්ලස් කොමිසම මඟින් ඉදිරිපත් කර ඇති දූෂණ චෝදනා නඩුවක විත්තිකරුවන් ලෙස නම් කර ඇති වත්මන් අභියාචනාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.බී. නවාස් සහ විදුලිබල අමාත්‍යාංශයේ හිටපු ලේකම් එම්.එම්.පී. ෆර්ඩිනැන්ඩු යන දෙදෙනිටය. ඔවුන් තිදෙනාට මාර්තු මස 8 වන දා අධිකරණය ඉදිරියේ පෙනී සිටිමට මෙලෙස සිතාසි නිකුත් කර ඇත.

කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර විසින් අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ චෝදනා පත්‍රයක් සළකා බැලීමෙන් අනතුරුව මෙම තීන්දුව ලබාදුන්නා.

 

ලංකා විදුලිබල පුද්ගලික සමාගමට ඉඩම් මිලදි ගැනීමක දී අක්‍රමිකතා සිදුවු බවට පරීක්ෂණ කමිටු 2ක් මඟින් නිර්දේශ ඉදිරිපත් කර  තිබිය දි අදාළ වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව අපරාධමය නීතිමය ක්‍රියාමාර්ග ගැනීම වැළැක්වීම තුළින් එවකට නීතිපතිවරයා වශයෙන් කටයුතු කළ මොහාන් පීරිස්ස හ නීතිපති දෙපාර්තමේන්තුවේ එවකට සොලිසිටර් ජෙනරාල්වරයා ලෙස කටයුතු කළ වත්මන් විනිසුරු නවාස් යන අය විසින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකර ඇති බවට අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කර ඇති චෝදනා පත්‍රය මඟින්  සඳහන් කර ඇත.

චෝදනා පත්‍රයේ සාක්ෂිකරුවන් 20 දෙනෙක් හා නඩු භාණ්ඩ 19 ක් ද අල්ලස් කොමිසම විසින් නම් කර තිබෙනවා.