Friday, October 18, 2024

General line - 0115112241

බැඳුම්කර වාර්තාවේ පිටු ගලවලා! ජනපති කළ යුතු දේ ගම්මන්පිල කියයි




අන්තර්ජාලයේ ප‍්‍රසිද්ධ කර ඇති බැඳුම්කර වාර්තාවේ පිටු අඩු බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල පවසනවා. මන්ත‍්‍රීවරයා ඒ බව පැවසුවේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදීයි. 

බැඳුම්කර වාර්තාවේ මෙලෙස පිටු අඩුවීම හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායකගේ අවශ්‍යතාවක් අනුව සිදුවූයේදැයි ද මෙහිදී සැක පළ කෙරුණා. 

මෙම තත්වය පිළිබඳ ජනාධිපතිවරයා රට හමුවේ කරුණු පැහැදිලි කළ යුතු බවයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ.