ජේ සී වැලිඅමුණ වාර්තාවෙන් පෙන්වා දී ඇති ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු අධ්යක්ෂ මණ්ඩලය විසින් සිදු කෙරුණු අකටයුතුකම් සම්බන්ධයෙන් ගතහැකි සියලූ පියවර ගෙන ඇතැයි එහි වත්මන් අධ්යක්ෂ මණ්ඩලය පවසනවා. ජේ සී වැලිඅමුණ වාර්තාවෙන් කරුණු 04ක් පිළිබඳ සොයා බැලූණු බවයි මෙහිදී සිහිපත් කෙරුණේ.
හිටපු අධ්යක්ෂ මණ්ඩලය සහ ජ්‍යෙෂ්ඨ කළමණාකාරීත්වය බලය අයුතු ලෙස භාවිත කළේද සහ ගුවන්යානා මිලදී ගැනීමේ දී අක්‍රමිකතා සිදුවීද යන්න එලෙස සොයා බැලූ කරුණු 02ක්. රුපියල් මිලියන 25ට වැඩි වටිනාකමකින් යුත් භාණ්ඩ හා සේවා සම්බන්ධ ප්‍රසම්පාදන කටයුතුවල දී නිසි ක්‍රියාපටිපාටි අනුගමනය කර ඇත්ද සහ ගුවන් සේවයේ නිසි ක්‍රියාකාරීත්වයට අහිතකර ලෙස බලපාන බාහිර මැදිහත්වීම් සිදුවූයේ ද යන්න සොයා බැලූ තවත් කරුණු 02ක්.