ශ්‍රී ලංකා මහ බැංකුව තුළ කිසිදු වංචාවක් මින්පසු ඇති නොවීමට ජනාධිපතිවරයා විසින් පවතින පටිපාටින්හි යම් යම් සංශෝධන සිදු කරනු ඇතැයි අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. ඔහු ඒ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද පැවැත්වූ මාධ්‍ය හමුවකදීයි.
බැඳුම්කර වංචාවෙන් රජයට අහිමි වූ මුදල් යළි අයකර ගැනීම සඳහා වන නීති සංශෝධන සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානමින් සිටින බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.
මේ අතර නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක අධිකරණය සම්බන්ධයෙන් ඉකුත්දා කළ ප්‍රකාශ සම්බන්ධයෙන් ද අමාත්‍ය මහින්ද අමරවීර මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූවා.
"එතුම කියන කතාවලට කවුරුත් වැඩිය කැමති නැහැනේ. මමත් වැඩිය කැමති නැහැ. නමුත් එතුම එදා ඉඳලම කියන මමත් කැමති කතා තියෙනව. නමුත් අධිකරණය ගැන කියපු සමහර කතා ඇත්තම ඇත්ත. සල්ලි තියෙනවනම් ඕනම දෙයක් කරන්න පුළුවන්." යැයි අමාත්‍යවරයා පැවසුවා.