මත්පැන් නිෂ්පාදනය කරන සහ අලෙවි කරන ස්ථානවල රැකියා කිරීමටත්, මත්පැන් මිලදී ගැනීමටත් කාන්තාවන්ට තිබූ තහනම ඉවත් කරමින් ඉකුත්දා නිකුත් කෙරුණු ගැසට් නිවේදනය මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් අද ඉල්ලා අස්කර ගත්තා. ඒ අනුව මත්පැන් නිෂ්පාදනය කරන සහ අලෙවි කරන ස්ථානවල රැෙකියා කිරීමටත්, මත්පැන් මිලදී ගැනීමටත් කාන්තාවන්ට තිබූ තහනම යළි බලාත්මක වනු ඇති.
මේ අතර සුරාසැල් විවෘත කිරීමේ වේලාව දීර්ඝ කරමින් නිකුත් කෙරුණු ගැසට් නිවේදනය ද මුදල් අමාත්‍යවරයා විසින් අද ඉල්ලා අස්කර ගෙන තිබෙනවා.