Friday, October 18, 2024

General line - 0115112241

ජංගම දුරකථනය කටේ ඔබා අම්මා මැරූ හැටි ලේලියගේ කටඋත්තරයෙන් හෙළිවෙයි! මිය ගිය මව ලියූ ලිපියකුත් හසුවෙයි

පාලිත ආරියවංශ - බදුල්ල




ජංගම දුරකථනයක් මුඛයේ හිරකර 61 හැවිරිදි තිදුරු මවක් ඝාතනය කිරිම සම්බන්ධයෙන් සැකපිට පිට ඇගේ පුත්‍රයා සහ ඔහුගේ බිරිඳද අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

 රත්නායක මුදියන්සේලාගේ කරුණාවතී නම්වු මරණකාරිය සැකකරුගේ නිවස ඉකුත් 15 දා රාත්රීර ඝාතනය කර තිබු අතර වැලිමඩ මහේස්ත්‍රාත්ගේ නියෝගය මත බදුල්ල මහරෝහලේ අධිකරණ විශේෂඥවරයා විසින් 17 දා බදුල්ල මහරෝහලේ මෘත ශරීරාගාරයේදි මෘතදේහය පිළිබදව පශ්චාත් මරණ පරික්ෂණය පවත්වන ලැබුවා. මෙහිදි අනාරවණව වී ඇත්තේ ජංගම දුරකථනයක් මුඛයට දමා හිරකිරීමනිසා ස්වාශනායයට හා ගලනාලයට සිදුවු තුවාලවලින් පෙනහැල්ලට රුධිරය ය වහනය විමෙන් හා කම්පනයෙන් මෙම මරණය සිදුව ඇති බවයි.

උමාඹයට ඉඩම් පවරාගැනිමෙන් පසු රජයෙන් ලැබුන වැලිමඩ උමානදි ගම්මානයේ මේ මව එක් නිවසකත් සැකකරු ඊට නුදුරින් තවත් නිවාසයකත් ජීවත්වි ඇත . මරණකාරිය විවාහ දෙකක් කරගෙන සිටි කාන්තාවක් බවත් සැකකාර පුත්‍රයා පළමු විවාහයේ අයෙක් බවත් විමර්ශන වලදි අනාවරණය වූ බව පොලිසිය සදහන් කරනවා .

සැකකරු යුධ හමුදා විශේෂ බළකායේ සෙබලෙක්ව සිටියදි . 2007 වසරේ වවුනියාවේ ක්‍රියාවිත රාජකාරියේදි බට්ටෙක් පැගී සිදුවු අනතුරක් නිසා දකුණු පාදය සැත්කමක් මගින් ඉවත් කර ඇති අයෙක් බවත් . 2009 වසරේදි ඔහු වෛද්‍ය හේතු මත විහ්‍රාම ගෙන බිරිඳ හා දරු දෙදෙනා සමග මෙම නිවසේ ජීවත්ව ඇතැයිද විමර්ශන වලදි අනාවරනය වී තිබෙනවා. 

සැමියාට නිතර නිතර අවසිහි ගතියක් ඇතැයි පැවසමින් සැකකරුගේ බිරිඳ උපක්‍රමශීලීව . මරණකාකරිය මෙම නිවසට ගෙන්වා ගෙන නතර කරගෙන සිටියදි මෙම අපරාධය සිදුව ඇතිබවත් . මෙම ඝාතනයෙන් පසු එය ස්වාභාවික මරණයක් ලෙස හැගවිම්ට උත්සාහ කරමින් ඌව පරණගම පොලිසිය පැමිණිලි කර තිබු බවත් පොලිසි පවසනවා . කෙසේ නමුත් සැකකරුගේ බිරිගේ ප්‍රකාශයෙන් සිදුවීම නිරාවරණය කර ගැනිමට හැකිවු බවත් පොලිසිය පවසනවා.

ඒ අනුව ඇය ඇගේ පුතා දුව හා මරණකාරිය නිදාගෙන ඇත්තේ එකම කාමරයේය. රාත්‍රී 12-30 ට විතර අම්මා දොර ඇරගෙන එලියට යන ශබ්දයක්  අසුන බවත්, නැවත ගෙට ඇවිත් දො රවහන ශබ්දයද ඇසුන බවත් නැගිට බලන විට මරණකාරිය හා සැමියා පොරබදනවාව දුටු බවත් පවසා තිබෙනවා. අනතුරුව ඇයත් ළමයි දෙන්නාත් නිවසින එලියට කැඳවා දොරගුලු දමා සැකකරු ඔවුන්ද තම ත්‍රීරෝද රථයේ නංවාගෙන ගමේ පනස්ලට ගොස් ඇත . ඒ යන අතර තුර නිවාස දෙකේම යතුරු කැලෑවකට විසිකර තිබෙනවා. 

එදින රෑ පන්සලේ ගත කර උදෑසන නැවත නිවසට ගොස්  ඇත්තේ නිවසේ පිටුපස ජනේලය කැකීමෙනි. එවිට මරණකාරිය ඇද මතම මියගොස් සිටි බවත් ඇගේ කටින් ලේ දමන බවත් දැක ඇත. ඉන්පසු සැකකරු තමාගේ සපත්තු මේස් වලින් මරණකාරියගේ මුඛයේ තිබු ලේ පිසදමා මුඛයට අත දමා එහිතිබු ජංගම දුරකථනය ‍ එලියට ගත් බවද සැකකරුගේ බිරිද පවසා තිබෙනවා.

මරණකාරිය ගේ නිවස (18) ඊයේ පරික්ෂා කළ අවස්ථාවේ පෙට්ටගමක තිබි ඇය විසින් ලියන ලද ලිපයක්ද හමු වු බවත් මෙතෙක් බලපත් නොලැබුන නිවස හා එම ඉඩමත් බැංකුවේ තැන්පත් කර ඇති මුදලුත් තම දෙවැනි පුතාට හිමිවිය යුතු බව එහි සදහන් වන බවත් පොලිසිය කියයි. පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකාර පුතා සහ ලේලි වැලිමඩ මහේස්ත්රාතත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණ.