Friday, October 18, 2024

General line - 0115112241

පුටුවෙන් නැගිට ගෙදර යන දවස ජනපති කියයි




තමන් ධුරයෙන් නික්ම යන්නේ කවදාදැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද (18) ප‍්‍රකාශ කළා. ඒ, එළඹෙන පළාත්පාලන මැතිවරණය වෙනුවෙන්  ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය කොස්ගමදී පැවැත්වූ ප‍්‍රචාරක රැළියකදීයි.

දූෂිතයින්ට නිසි දඬුවම්දීමේ අරමුණ සාක්ෂාත් කර ගැනීමෙන් අනතුරුව තමා ධූරයෙන් නික්ම යන බවයි එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් පැවසුවේ. දූෂිත දේශපාලඥයින් නිසා මේ රට හැදිය නොකිවී ඇති බවද එතුමා පැවසුවා. රටේ පවතින දූෂණයට හොරකමට නාස්තියට විරුද්ධව ජනතාවාදී දේශපාලන ගමනක් යෑමට මහජනතාව සමඟ පාරට බෑසිමට වුවද තමන් සූදානම් බව ජනාධිපතිවරයා පැවසුවා.

පෙබරවාරි මස  10 වැනිදායින් පසු දූෂණ විරෝධී ජාතික සටනක් අරඹන බවද ජනාධිපතිවරයා මෙහිදී පැවසුවා. 


 



ගත වූ වසර කිහිපය තුළ තමන් මහජන මුදල් විශාල ප‍්‍රමාණයක් ඉතිරිකර ඇතැයි ද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා.