Friday, October 18, 2024

General line - 0115112241

ගුරුවරුන්ට ගිය අවුරුද්දේ ලැබුණු වරප්‍රසාදය මේ අවුරුද්දේත්




කිසියම් ජාතික පාසලක වසර 03ක් හෝ ඊට වැඩි කාලයක් සේවය කළ ගුරුවරුන්ට සිය දරුවන් එම පාසලටම ඇතුළත් කිරීමට හැකිවන පරිදි ඉකුත් වසරේ ලබාදුන් විශේෂ වරප‍්‍රසාදය මෙම වසරේ ද හිමිවනු ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. කෙසේ වෙතත් ඒ සඳහා සලකා බැලෙන තවත් නිර්ණායක රැසක් ද තිබෙන බවයි එහි ජාතික පාසල් අධ්‍යක්‍ෂ ජයන්ත වික‍්‍රමනායක පැවසුවේ.

ගුරුවරයාගේ සමස්ත සේවා කාලය, ලබාගෙන ඇති නිවාඩු, විභාග ප‍්‍රතිඵල සහ පදිංචි ස්ථානය එවැනි නිර්ණායක කිහිපයක්. මෙම වරප‍්‍රසාදය ලබාගැනීම සඳහා දැනටමත් ඉල්ලීම් රැසක් ඉදිරිපත් වී ඇතැයි ද එහෙත් ඒවා විවිධ ආකෘතීන්ගෙන් සකස් කර ඇතැයි ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

ඒ අනුව අධ්‍යාපන අමාත්‍යංශය විසින් සකස් කෙරුණු පොදු ආකෘතියකට එම සියලූ ඉල්ලීම් ඇතුළත් කර විද්‍යාත්මක ලකුණු ලබාදීමේ පටිපාටියක් අනුව ගුරුවරුන්ට අදාළ වරප‍්‍රසාදය ලබාදෙන බවයි ජාතික පාසල් අධ්‍යක්‍ෂ ජයන්ත වික‍්‍රමනායක වැඩිදුරටත් කියා සිටියේ.