Friday, October 18, 2024

General line - 0115112241

වෛද්‍ය සභාව බලපෑමකට නතුවෙලා! SAITM විභාගයක් අද




සති 05ක පුහුණු කාල සීමාවකින් පසු සයිටම් උපාධිධාරීන්ට වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබා දීමට සූදානම් බවට උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ඉකුත් දා කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් වෛද්‍ය සභාවේ ප‍්‍රතිචාරය කුමක්දැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නැවත ප‍්‍රශ්න කරනවා.

පැහැදිලි ප‍්‍රතිපත්තියක් මත මෑතක්වන තුරු වෛද්‍ය සභාව කටයුතු කර ඇතත් වර්තමානයේදි එය කිසියම් බලපෑමකට නතු වී ඇති බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ. 

සයිටම් ආයතනය තවත් පෞද්ගලික ආයතනයකට පවරා ඇතැයි කෙරෙන ප‍්‍රකාශ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද යළිත් සැක පළ කළා. කොළඹ පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඔවුන් කියා සිටියේ සයිටම් ආයතනයේ වත්මන් පළමු වසර සිසුන්ගේ විභාග අද (19) සිට ආරම්භ කෙරෙන බවයි. 

පෞද්ගලික වෛද්‍ය නියාමන අධිකාරී පනත වෙනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවස්ථා ගණනාවකදී යෝජනා භාර දී ඇති බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.