Friday, October 18, 2024

General line - 0115112241

දකුණේ පාතාලයෙක් පිස්තෝලයක් සමග අත්අඩංගුවට

හේමන්ත කහවලගේ




පාතාලය සමග සම්බන්ධතා පවත්වන බව කියන පුද්ගලයෙකු ගාල්ල මීටියාගොඩ ප‍්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු ළඟ තිබී ශ‍්‍රී ලංකාවේ නිෂ්පාදිත පිස්තෝලයක් ද සොයා ගැණුනු බවයි පොලිසිය පවසන්නේ.

මෙම පුද්ගලයා මීට ඉහත දී ඝාතනයට ලක්වූ රත්ගම ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මනෝජ් මෙන්ඩිස්ගේ සමීපතමයෙකු බවද පැවසෙනවා. 2015 වසරේ මාර්තු මාසයේ දී මීටියාගොඩ දොඩම්විල ප‍්‍රදේශයේ සිදු වූ ද්විත්ව ඝාතනයක් සම්බන්ධයෙන් ද ඔහු සැක කෙරෙන බවයි පොලිසිය පැවසුවේ. මෙම පුද්ගලයා මහදුර නලින් වසන්ත නොහොත් කුමාර නමැත්තෙක්.