Thursday, January 16, 2025

General line - 0115112241

මුදල් වංචා කළ නීතීඥයාට මහාධිකරණය දුන්න දඬුවම මෙන්න




විදේශයක ජීවත්වන වෛද්‍යවරයකුගෙන්, කුරුණෑගල ප්‍රදේශයේ හෝටලයක්‌ ඉදිකර දෙන බව පවසා ඕස්ට්‍රේලියානු ඩොලර් එක්‌ලක්‍ෂ අටසිය පණහක මුදලක්‌ ලබාගෙන සාවද්‍ය සාපරාධි විශ්වාසය කඩ කිරීමේ අධිචෝදනාවට වරදකරු කරනු ලැබූ නීතිඥවරයකුට කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ  (18 දා) බරපතළ වැඩ සහිත වසර තුනක සිරදඬුවම් නියම කළා.

ඊට අමතරව විත්තිකරුට රුපියල් ලක්‍ෂ පහක දඩයක්‌ ගෙවීමටද එහිදී නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එම දඩය නොගෙවන්නේ නම් මාස නවයක අමතර සිරදඬුවමක්‌ ලබාදීමටද නියෝග කළා. මනෝඡ් බිම්සර දිසානායක නමැති විත්තිකාර නීතිඥවරයා නිහාල් පල්ලගේ නානායක්‌කාර නමැති පැමිණිලිකරුගෙන් ලබාගෙන වංචා කළ රුපියල් මිලියන නමයක මුදල පැමිණිලිකාර වෛද්‍යවරයාට වන්දියක්‌ ලෙස ගෙවන ලෙසටද විනිසුරුවරයා නියෝග කළා. එම වන්දිය නොගෙවන්නේ නම් අමතර මාස 17 ක සිරදඬුවම් ලබාදෙන ලෙසටද විනිසුරුවරයා එහිදී නියෝග කළා.

හෝටලයක්‌ ඉදිකරදෙන බවට පොරොන්දුවී 2010 වසරේ මාර්තු මස ලබාගත් එම මුදල විත්තිකරු සාවද්‍ය සාපරාධි ලෙස පරිහරණය කළ බවට පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කොට ඇතැයි විනිසුරුවරයා නිගමනය කළා.