මෙරටට ආනයනය කරනු ලබන වාහනවල තිබිය යුතු අවම ආරක්ෂක විධි විධානයන් ඉහළ නැංවීමට පසු ගිය අයවැයේදී තීරණය කෙරුණා. ඒ වායූ බැලුන්, ඒබීඑස් බ්රේක් පද්ධතියක්, ආසන පටි නොමැති හා වායූ විමෝචනය යූරෝ 4 ට වැඩි වාහන මෙරටට ගෙන්වීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමය.
ඉකුත් 01දා සිට ක්රියාත්මක කිරීමට යෝජනා කර තිබූ මෙම සීමාවන් ජුලි 07 දා දක්වා බල නොපැවැත්වෙන බවයි මුදල් අමාත්යංශය පවසන්නේ.