Thursday, January 16, 2025

General line - 0115112241

ලකුණු 163 ක ජයක් බංග්ලාදේශයට




ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ  ශ්‍රී ලංකාව සමග පැවති තරගයෙන් ලකුණු 163 ක විශිෂ්ඨ ජයක් ලබාගැනීමට බංග්ලාදේශ කණ්ඩායම අද (19) සමත්ව තිබෙනවා.

ඩකා නුවර දී පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 320 ක් රැස් කළා.

මෙහිදී තමින් ඉක්බාල් ලකුණු 84 යි.

අනාමුල් හක් ලකුණු 35 ක් සහ ශකීබ් අල් හසන් ලකුණු 67 ක් ලබාගත්තා.

අද තරගටය් වේගවත් පිතිහරඹයක නිරතවු මුෂ්ෆිකර් රහීම් ලකුණු 62 ක් ලබාගත්තේ පන්දු 52 කදීයි.

මහමුදුල්ලා  ලකුණු 24 ක් ලබාගැනීමට සමත්වුණා. සබීර් රහ්මන් නොදැවී ලකුණු 24 ක් ලබාගත්තා.

නසීර් හුසේන් කිසිඳු ලකුණක් නොලබා දැවී ගියා.

පන්දු යැවීමේ දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් තිසර පෙරේරා කඩුලු 3 ක් සහ නුවන් ප්‍රදීප් කඩුලු 2 ක් බිඳහෙලුවා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 32 යි පන්දු 2 ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගැනීමට හැකිවුයේ ලකුණු 157 ක් පමණයි.

අද (19) තරගයේ නායකත්වය දැරු දිනේෂ් චන්දිමාල් ලකුණු 28 ක් ලබාගත් අතර තිසර පෙරේරා ලකුණු 29 ක් ලබාගත්තා.

උපුල් තරංග ලකුණු 25 යි. අසේල ගුණරත්න සහ නිරෝෂන් දික්වැල්ල ලකුණු 16 බැගින් රැස් කළා.

කුසල් මෙන්ඩිස් රැස්කළ ලකුණු සංඛ්‍යාව 19 යි.

මශ්රෆි මොටාසා සහ රුබල් හුසේන් කඩුලු 2 බැගින් දවාගත් අතර ශකීබ් අල් හසන් කඩුලු 3 ක් බිඳහෙලුවා.

------------------------- 

කාසියේ වාසිය බංග්ලාදේශයට (19-01-2018 11:41) 

තුන්කොන් එක්දින කි‍්‍රකට් තරගාවලියේ සත්කාරක බංග්ලාදේශය සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර තරගය මීර්පූර්හි ශී‍්‍ර බංග්ලා කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙනවා.

කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.