නවසීලන්තයේ පැවැත්වෙන යොවුන් ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය පිළිබඳ ශී‍්‍ර ලංකා යොවුන් පිළ තැබූ බලාපොරොත්තු අද බිඳ වැටුණා. ඒ අද පැවැති තීරණාත්මක තරගයෙන් ශී‍්‍ර ලංකා යොවුන් කණ්ඩායම පකිස්තානය හමුවේ කඩුළු 3කින් පරාජය වීමත් සමගයි. පළමුවෙන් පන්දුවට පහර දුන් ශී‍්‍ර ලංකා යොවුන් කණ්ඩායම ලකුණු 188කට සීමා කිරීමට පාකිස්තාන යොවුන් පන්දු යවන්නන් සමත්වුණා.
පාකිස්තානු යොවුන් කණ්ඩායම එම ඉලක්කය පන්දුවාර 43යි පන්දු 3ක් අවසානයේ කඩුළු 7ක් පමණක් දැවී තරගයේ ජය වාර්තා කළා.
ඩී ඛාණ්ඩයෙන් තරග කළ ශී‍්‍ර ලංකා යොවුන කණ්ඩායම මූළික වටයේදී මීට පෙර ඇෆ්ගනිස්ථානය හමුවේ පරාජයට පත්වුණා. අද තරගය ජය ගත් පාකිස්තානු යොවුන් කණ්ඩායම යොවුන් ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයටද සුදුසුකම් ලබා ගත්තා.