Thursday, January 16, 2025

General line - 0115112241

ගෙදරට එන දේශපාලඥයින් ප්‍රශ්න කරන්න අනුරගෙන් උපදෙස්




මෙරට දේශපාලඥයින් කලින් කලට සිදු කරන ප‍්‍රකාශ පිළිබඳ යළි ඔවුන්ගෙන් ප‍්‍රශ්න කිරීමට මහජනතාවට අයිතියක් තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පෙන්වා දෙනවා. එසේ නොකරනතාක් මෙරට දේශපාලනය නිසි මගට ගත නොහැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.

විවිධ පොරොන්දු රැසක් ලබාදෙමින් බලයට පත් වූ යහපාලන ආණ්ඩුව එම කිසිදු පොරොන්දුවක් මෙතෙක් ඉටුකර නොමැති බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. වසර තුනක් ගතවී ඇතත් අල්ලනවා කියූ හොරුන් ආරක්ෂ කරමින්, තවදුරටත් හොරකම් කරමින් ආණ්ඩව පවත්වාගෙන යන බවයි ඔහු පවසන්නේ.