ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙලේ ශරීර යෝග්‍යතා සමාගමක ප්රචාරක පුවරුවක් මගින් කාන්තාවන්ට අපහාස කිරිමක් එල්ල වන බව කියන චෝදනාව සම්බන්ධයෙන් කොළඹ මහ නගර සභාව පරික්ෂණ ආරම්භ කර තිබෙනවා. මෙම දැන්වීම පාර්ලිමේන්තු මාර්ගයේ ප්‍රදර්ශනය කර තිබෙනවා.
අදාළ දැන්වීම් පුවරුව ප්‍රදර්ශනය කරමින් එම සමාගම එහි බැරලයක ඡායාරූපයක් ප්‍රදර්ශනය කර තිබුණා.
එහි දැක්වෙන්නේ කාත්තාවකට මෙම හැඩය සුදුසු නොවන බවයි.
කෙසේ වෙතත් කාන්තාවන්ට අපහස කර ඇති බව කියන අදාළ ප්රචාරක පුවරුව සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා විසින් සිදු කළ ඉල්ලීමකට අනුව පරික්ෂණ ආරම්භ කර ඇති බවයි කොළඹ නාගරීක කොමසාරිස් වී. කේ. ඒ. අනුර කියා සිටියේ.
මේ වනවිට එම දැන්වීම කළු පැහැ ආවරණයකින් වසා තිබෙනවා.