යාපනය කොලුම්පුතුරේ ප්රදේශයේ දැරියක් බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් ලිංගික අතවර කළ පුද්ගලයෙකුට යාපනය මහධිකරන විනිසුරු එම්.ඉලන්චෙලියන් විසින් අද (19) වසර 5කට අත්හිටවූ වසර දෙකක බරපතල වැඩ සහිතව සිරඳඬුවමක් නියම කළා.
එම සිර දඩුවමට අමතරව රුපියල් 25000 ක දඩයක්ද විනිසුරුවරයා නියම කර තිබෙනවා.
මෙම දඩ මුදල ගෙවීමට විත්තිකරු අසමත් වන්නේ නම් අමතරව තවත් ත්රන් මසක සිරදඬුවමක් නියම වනු ඇති බවයි විනිසුරුවරයා නියෝග කළේ.
2011 වසරේදී මෙම විත්තිකරු විසින් කාන්තාව පැහරගෙන ගොස් ලිංගික අතවර කළ බවට චෝද්නා ගොණු කර තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් ප්රබල සාක්කි අධිකරණය වෙත ඉදිරිපත් වී නොතිබුණා.
කෙසේ වෙතත් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වූ නඩුව නීතිපතිවරයා විසින් මහධිකරනණයට භාරකරනු ලැබුවා.
එහිදී චුදිත වරද පිළිගෙන තිබෙනවා.
ඒ අනුව දැරිය පැහැර ගැනීම සහ ලිංගික අතවර කිරිම යන චෝදනාවට වරදකරු වූ බැවින් වසර 5කට අත්හිටවු බරපතල වැඩ සහිතව වසර 2ක සිර දඬුවමක් හා මුදලින් රුපියල් 25000 ක දඩයක් ද විනිසුරුවරයා විසින් නියම කළා.