Thursday, January 16, 2025

General line - 0115112241

මාලක සිල්වා අත්අඩංගුවට ගැනිමේ වරෙන්තුව අත්හිටුවයි

අධිකරණ වාර්තාකරු




හිටපු අමාත්‍ය මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා අත්අඩංගුවට ගැනීමට නිකුත් කළ වරෙන්තුව අත්හිටුවීමට කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය අද (19) නියෝග කළා.

, ඔහු අද (19) නීතිඥයෙකු මාර්ගයෙන් මෝසමක් ගොනු කර අධිකරණයට භාර වීම හේතුවෙන්.

අසනීප තත්ත්වයෙන් පසු වූ බැවින් ඊයේ (18) අධිකරණයේ පෙනී සිටීමට නොහැකි වූ බවයි මාලක සිල්වා එහිදී අධිකරණයට දන්වා ඇත්තේ.

2014 වර්ෂයේ බි‍්‍රතාන්‍ය ජාතික යුවලකට රාත‍්‍රී සමාජ ශාලාවකදී පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විභාගවන නඩුවකට ඊයේ (18) අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම වරෙන්තුව නිකුත් කර තිබුණා.