පළාත් පාලන ආයතන කිහිපයකට ඉදිරිපත් කළ නාම යෝජනා ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් පක්ෂ කිහිපයක් ඉදිරිපත් කළ රීට් පෙත්සම් 14ක් සළකා බැලීම ජනවාරී 24 වනදා දක්වා කල් තැබීමට අභියාචනාධිපකරණය අද (19) තීරණය කළා.
මහරගම මහ නගර සභාවේ නාම යෝජනා ප්‍රතික්ෂේප වීම සම්බන්ධයෙන් ගොනු කළ රිට් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කිරීමත් සමගයි.
ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දී ඇති නියෝගය අධීක්ෂණය කර මෙම පෙත්සම් සළකා බලන බවයි පෙත්සම් විභාගයට ගත් ද්වී පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල දැනුම් දි ඇත්තේ.
ප්‍රීති පද්මන් සූරසේන සහ ශිරාන් ගුණරත්න යන අභියාචනාධිකරණ විනිසුරුවරුන් හමුවේ මෙම පෙත්සම් විභාගයට ගැණුනා.
මහරගම, වැලිගම, පානදුර යන නගර සභා මහියංගණය, තිරප්පනේ, අගලවත්ත යන ප්‍රාදේශීය සභා ඇතුළු තවත් පළාත් පාලන ආයතන කිහිපයක නාම යෝජනා ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව අදාළ පෙත්සම් ගොනු කර ඇත්තේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඇතුළු පක්ෂ කිහිපයක් විසින්.