ආනයනික වාහනවල ආසන පටි හා වායු බැලූන අනිවාර්ය කිරීම ජූලි මාසයේ සිට කි‍්‍රයාත්මක කරන බව මුදල් අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව ආසන පටි, වායු බැලූන ඇතුළු මගී ආරක්‍ෂිත ක‍්‍රමවේදයන් සහිත යුරෝ IV හෝ එයට සමාන තත්ත්ව සහතිකවලට අනුකූල නොවන වාහන ආනයනය ජූලි මස පළමු වනදා සිට තහනම් කෙරෙනු ඇති.
ඒ අනුව ජූලි මස පළමු වන දිනෙන් පසු ආනයන කරනු ලබන වාහනවල රියදුරු සහ ඉදිරිපස ගමන් ගන්නා මගියා සඳහා වූ වායු බැලූන, අගුළු වැටලීම් වැළැක්වීමේ තිරිංග පද්ධති සහ ඉදිරිපස සහ පසුපස අසුන්වල ගමන් කරන්නන් සඳහා ස්ථාන 3 කට සම්බන්ධ වන ආසන පටි තිබීම අනිවාර්ය වනවා.
2018 අයවැය මගින් ඉදිරිපත් වූ මෙම යෝජනාව වාහන නිෂ්පාදකයන්ගේ හා ආනයනකරුවන්ගේ ඉල්ලීම මත ජූලි මස පළමු වනදා දක්වා කල් දැමුණා.