නීති රීති පැනවිමකින් තොරව ස්වකීය දැනුම හා විශ්වාසය තුළින් යහපත් දේ හඳුනාගත හැකි අනාගත පරපුරක් බිහි කිරීම නූතන සමාජ අවශ්‍යතාවක් බවට පත්ව ඇති බව මුදල් හා ජන මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පවසනවා.
ශ‍්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය මාතර දිස්ත‍්‍රික් පාසල් ගුරුවරුන් වෙනුවෙන් සංවිධාන කර තිබූ වැඩමුළුවකට අද (19) එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
ගෝත්‍රික අදහස්වලින් බැහැර වී නවීන සමාජයට ගැලපෙන ආකාරයට නවීන ප්‍රශ්නවලට මුහුණ දිය හැකි සමාජයක් බිහිකළ යුතු බවයි අමාත්‍යවරයා කියා සිටියේ.