Saturday, May 4, 2024

General line - 0115112241

ජනපති ලේකම් ගම්මන්පිලට කරුණු පැහැදිළි කරයි (UPDATE)

හේමන්ත කහවලගේ




අන්තර්ජාලය මගින් ප‍්‍රසිද්ධ කර ඇති බැදුම්කර කොමිසමේ වාර්තාවේ පිටු අඩු බවට සිදුකළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල වෙත කරුණු පැහැදිලි කිරීමක් සිදුකළ බව ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු පවසනවා.

නෙත් නිවුස් කළ විමසීමකදී ජනාධිපති ලේකම්වරයා කියාසිටියේ දුරකතනය ඔස්සේ උදය ගම්මන්පිල මන්තී‍්‍රවරයාට අදාළ වාර්තාව සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ බවයි.

ඉකුත්දා පැවති මාධ්‍ය හමුවකදි පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල කියාසිිටියේ ජනාධිපති කාර්යාලය මගින් අන්තර් ජාලයේ ප‍්‍රසිද්ධ කර ඇති බැදුම්කර වාර්තාවේ පිටු 103 ක් අඩු බවයි. 

ජනාධිපති ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේ අදාළ වාර්තාව පී ඞී එෆ් මාදිලියෙන් පෙන්ඩ‍්‍රයිව් එකක ඇතුළත් කර ජනාධිපති කොමිසන් සභාව විසින් ජනාධිපතිවරයා වෙත භාරදුන් බවයි. එහි ප‍්‍රධාන වාර්තාව පිටු 946කින් සමන්විත බවද ඇමුණුම පිටු 206කින් සමන්විත බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. ඒ අනුව අදාළ වාර්තාවේ මුළු පිටු සංඛ්‍යාව 1152ක් බවද ජනාධිපති ලේකම්වරයා නෙත් නිවුස් වෙත වැඩිදුරටත් සදහන් කළා. 

-------------------------------------------------

පැය 24න් කළ යුතු දෙයක් ගැන මන්ත්‍රී සොයිසා ජනපති ලේකම්ට කියයි

19-01-2018 20:34

තමන් වෙත ලැබුණු බැඳුම්කර වාර්තාව ඒ අයුරින්ම ප‍්‍රසිද්ධ කළ බවට ජනාධිපති ලේකම්වරයා පැය 24ක් තුළ ප‍්‍රකාශයක් සිදු කළ යුතු බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.

අද (19) පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් ද සොයිසා මේ බව කියා සිටියා.

බැඳුම්කර ගනුදෙනුවෙන් සිදු ව ඇති අලාභය අය කර ගැනීමට ජනාධිපතිවරයා වහා ක‍්‍රියා කළ යුතු බවද පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් ද සොයිසා මෙහිදී ප‍්‍රකාශ කළා.