Thursday, January 16, 2025

General line - 0115112241

ගණිතය විෂය භාර නිලධාරීන් පනහකට විදේශ පුහුණුවක්




ගණිතය විෂය භාර නිලධාරීන් 50 දෙනෙකු සිංගප්පුරුවේ විශේෂ ගණිත පුහුණු වැඩසටහනකට යොමු කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය කටයුතු යොදා තිබෙනවා.

ඔවුන් වෙනුවෙන් ගුවන් ටිකට් පත් ප‍්‍රදානය අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චිගේ ප‍්‍රධානත්වයෙන් අද (19) සිදු කෙරුණු බවයි එම අමාත්‍යංශය පැවසුවේ.

සිංගප්පුරුවේ ජාතික අධ්‍යාපන ආයතනය විසින් මෙම පුහුණු වැඩසටහන මෙහෙයවනු ලබන අතර මෙරට ගණිත විෂය භාර පළාත් සහ කලාප අධ්‍යාපන නිලධාරීන් ඊට සහභාගී කරවිමටයි අධ්‍යාපන අමාත්‍යංශය කටයුතු යොදා ඇත්තේ.

ඊට අමතරව ජාතික අධ්‍යාපන ආයතනය සහ අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන් ද මෙම පුහුණු වැසටහනට සහභාගී වීමට නියමිතයි.

ගණිත විෂය සම්බන්ධව ලොව ඉතා දියුණු අධ්‍යාපන ක‍්‍රම භාවිත කරන රටවල් අතර සිංගප්පුරුව ප‍්‍රමුඛ ස්ථානයක පසුවනවා.