රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංගට අයත් කොළඹ සහ ගම්පහ ප‍්‍රදේශවල ඉඩම් විකිණිම හෝ අන්සතු කිරීම තහනම් කරමින් කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය අද (19) නියෝගයක් නිකුත් කළා.
ඒ, අත්තනගල්ල සහ කොළඹ ඉඩම් රෙජිස්ටාර්වරුන් වෙතයි.
යුක්රේනයෙන් මිග් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට අදාළ සිද්ධියේ සැකකරුවෙකු වන බැවින් ඔහුට අදාළව මෙම තහනම් නියෝගය නිකුත් කරන බවයි කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න පැවසුවේ.