අග‍්‍රාමාත්‍යවරයාට ජාතිය අමතා ප‍්‍රකාශයක් සිදු කිරීමට අයිතියක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ පවසනවා.
සීගිරිය ප‍්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියා.
අග්‍රාමාත්‍යවරයෙකුට ජාතිය ඇමතීමේ අයිතියක් නොමැති බවත් එය කළ හැක්කේ රාජ්‍ය නායකයා වශයෙන් ජනාධිපතිවරයාට පමණක් බවත් මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දුන්නා.
වත්මන් ජනාධිපතිවරයාට ඊට විරුද්ධවීමට නොහැකි වී ඇති බවද ඔහු කියා සිටියා.