Thursday, January 16, 2025

General line - 0115112241

ජනපතිගෙන් හෙළිදරව්වක්




බරපතල වංචා දුෂණ සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවට අනුව චෝදනා එල්ල වූවන් අතර පසුගිය සමයේ රටේ ඉහළ තනතුරු දැරූ බොහෝ පිරිසක් සිටින බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට විරුද්ධව නව පක්ෂයක් පිහිටුවමින් ආපසු හැරෙමු යැයි ඔවුන් පවසන්නේ එම චෝදනාවලින් නිදහස් වීමේ අරමුණින් බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.

අද (19) පස්වරුවේ වැල්ලවාය ප‍්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා.