Saturday, May 4, 2024

General line - 0115112241

හිර ගෙදර සිටම දුරකතනයෙන් ජාවාරම්! නවත්වන්න හදන්නේ මෙහෙමයි

නිශාන් ද සිල්වා




බන්ධනාගාරයන්හි රැඳවියන් නීති විරෝධී ලෙස භාවිත කරන ජංගම දුරකතන කි‍්‍රයාවිරහිත කිරීම සදහා ජෑමර් සවි කිරීම කෙරෙහි යළි අවධානය යොමු වී තිබෙනවා. ජනාධිපති කාර්යාලයේ මැදිහත්වීමෙන් එය සිදු කිරීමට නියමිත බවයි බන්ධනාගාර ආරංචිමාර්ග පැවසුවේ.

අධිකරණ අමාත්‍යාංශය, ආරක්‍ෂක අමාත්‍යාංශය, පොලිස් දෙපාර්තමේන්තුව ඇතුළු තවත් රාජ්‍ය ආයතන කිහිපයක නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක්ද ඒ සදහා පත් කර තිබෙනවා. එම කමිටු සාමාජිකයන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට පැමිණ දුරකතන ජෑමර් සවි කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක්ද පවත්වා තිබෙනවා.  මීට පෙරද අවස්ථා ගණනාවකදී දුරකථන ජෑම්ර් සවි කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව උත්සාහ දැරුව එය අසාර්ථක වී තිබුණා. 

මේ හේතුවෙන් බන්ධනාගාරගතව සිටින පාතාල සාමාජිකයින් සහ මත්ද්‍රව්‍ය ජාවාරකරුවන් අනවසරයෙන් තබාගෙන සිටින ජංගම දුරකතන හරහා සිදුකරන කි‍්‍රයාකාරකම් වැඩි වී තිබෙනවා. එය වැළැක්වීම සදහා ප‍්‍රථමයෙන් ඔවුන් රදවා සිටින වාට්ටු ආශි‍්‍රතව දුරකතන ජෑමර් සවි කිරීමට අලූතින් පත් කෙරුණු කමිටුවේ අවධානය යොමුව ඇති බවද බන්ධනාගාර ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කළා.