Friday, May 3, 2024

General line - 0115112241

විල්පත්තුවේ තවත් ජාවාරමක්! ප්‍රබල දේශපාලඥයෙක්ගේ වැඩක්ලු

හේමන්ත කහවලගේ




විල්පත්තු වනෝද්‍යානයේ සිදුකර ගෙන ගිය පස් ජාවාරමක් විශේෂ කාර්ය බලකාය මගින් අනාවරණ කර ගෙන තිබෙනවා. වනජීවි නිලධාරීන් සමග එක්ව සිදුකළ වැටලීමකදී එම පස් ජාවාරමට සම්බන්ධ සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි විශේෂ කාර්ය බලකාය පැවසුවේ.

මෙම පස් ජාවාරමට ප‍්‍රබල දේශපාලනඥයෙකු සම්බන්ධ බවට තොරතුරු වාර්තා වී ඇති බවත් එය තහවුරු කර ගැනීමට විමර්ශන කි‍්‍රයාත්මක බවත් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් සදහන් කළා.