Saturday, May 4, 2024

General line - 0115112241

සැමියාගේ නිල් චිත්‍රපට පිස්සුව නිසා යන්න ගිය බිරිඳ කියන කතාව




ජංගම දුරකතනයෙන් නිල් චිත්‍රපට පෙන්වා, ඒ අයුරින් තමා සමග හැසිරෙන ලෙසට සැමියාගෙන් සිදුවන බලපෑම සහ එය ප්‍රතික්ෂේප කළ විට සිදුවන තාඩන පීඩන ඉවසාගත නොහැකිව, වයස අවුරුදු 11 සහ 8 යන වයස්‌වල දියණියන් දෙදෙනකු සිටින මවක්‌ සිය සැමියා හැර දමා තම මාපියන් වෙත ගොස්‌ ඇතැයි, නීති ආධාර කොමිසමේ බලන්ගොඩ කාර්යාල ප්‍රධාන නීති නිලධාරී නීතිඥ ඉන්ද්‍රානි එස්‌. රත්නායක මාධ්‍ය වෙත පවසා තිබෙනවා.

 "සැමියා තම දුරකථනයෙන් බිරිඳට අසභ්‍ය වීඩියෝ පෙන්වා ඒ අයුරින් තමා හා හැසිරීමට ඇයට පවසනවලු. ඒවා තමන් පිළිකුල් කරන බවත් අකැමැති බවත් පැවසීම නිසා සැමියා ඇයට පහරදීම්ද කරල තියෙනව. මෙම තත්ත්වය නිසා තමයි ඇය මවුපියන් වෙත ගිහින් තියෙන්නේ. ඊට පසුවයි සැමියා නීති ආධාර කොමිසමට ඇවිත් බිරිඳ නිවසට ගෙන්වා දෙන්න කියල ඉල්ලා තියෙන්නේ."
 
මෙම දෙදරු මව කිසිසේත් සැමියා හා යළි එක්‌වීමට අකැමැති බව පවසා ඇතැයිද, මේ වනවිට දික්‌කසාද නඩුවක්‌ද ගොනුකර ඇති බව ඇය පැවසුවා.