Saturday, May 4, 2024

General line - 0115112241

බස් දුවන්න භූමි තෙල් ගැහුවොත් ෂෙඩ් වලට වෙන්නේ මේකයි

චම්ලි ඒකනායක




භූමි තෙල් පරිභෝජනය අඩුවිය යුතු වුවත් දිනෙන් දින ඉහළ ගොස් ඇති බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශය පවසනවා.

2014 වසරේදී කිලෝ ලීටර් 202082ක් වූ භූමිතෙල් පරිභෝජනය 2017 වසරේදී කිලෝ ලීටර් 268303 දක්වා වැඩිව තිබෙනවා. දිනෙන් දින විදුලිය පහසුකම වැඩිවීම, ගෑස් භාවිතය වැනි භූමි තෙල් භාවිතය අඩු වියුතු බලශක්ති ජනතාව අතර ප්‍රචලිත වද්දි, භූමි තෙල් පරිභෝජනය අඩු වියයුතු බැවින්, සංසංථාව කරන ලද සමීක්ෂණයකින් හෙලිව ඇත්තේ බස් රථ ධාවනය සඳහා භූමි තෙල් යොදාගැනීමට යොමුවීමෙන් මේ තත්ත්වය උදාවී ඇති බවය.

ඉන්ධන අලෙවියේ දී භූමි තෙල්වලින් පාඩු ලබන බවත්, බස්වලට භූමි තෙල් ලබා නොදෙන ලෙස පිරවුම්හල් දැනුවත් කර ඇති බවත් එවැනි තෙල් නිකුත් කරන තෙල් පිරවුම් හල් බලපත්‍ර අවලංගු කිරීමට ජනවරි මස සිට පියවර ගන්නා බවත් අමාත්‍ය අර්ජුන රණතුංග අය වැය විවාදයේදීද පැවසුවා.

පසුගියදා නාවල පිහිටි පිරවුම්හලක් මුද්‍රා තැබුවේද බවුසරයකට භූමි තෙල් පිරවීමේ නීති විරෝධී ක්‍රියාවක් හේ්තුවෙනි. 

භූමි තෙල් ලීටරයකින් රුපියල් 30ක අලාභයක් සංස්ථාවට සිදුවනවා. භූමි තෙල් ලීටරයක් අළෙවි කරනු ලබන්නේ රුපියල් 44කටය.