Saturday, May 4, 2024

General line - 0115112241

අද ඇරඹුණු අඩු වියදම් ගුවන් සේවය (PHOTOS)

ටී.කේ.ජී.කපිල - කටුනායක




 ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර නව ගුවන් සේවයක් අද (20) උදෑසන සිට ආරම්භ වුණා. ඉන්දියාවේ චෙන්නායි සහ බැංගලෝර් සිට කටුනායක ගුවන් තොටුපොළ අතර, දවසකට තුන් වරක් අඩු වියදම් ගුවන් සේවයක් ලෙස මෙම "ඉන්ඩිගෝ ගුවන් සේවය " ක්‍රියාත්මක වීමට නියමිතය .                

මෙම ගුවන් සේවයේ ප්‍රථම මංගල ගුවන් යානය අද උදෑසන 8.00 ට පමණ ඉන්දියාවේ චෙන්නායි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා. මේ වෙනුවෙන් කටුනායක ගුවන් තොටුපොළ තුළ පිළිගැනීමේ උත්සවයක් ද පැවැත්වුණා.