Saturday, May 4, 2024

General line - 0115112241

වන ජීවිය නවීන තාක්ෂණයෙන් දඩයක්කරුවන් දඩයම් කරන්න සැරසෙයි

නිශාන් ද සිල්වා




වනසතුන් දඩයම් කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට නවීන තාක්‍ෂණය යොදා ගැනීමට වනජීවි දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. වෙනත් රටවල කි‍්‍රයාත්මක ජීපීස් තාක්‍ෂණයෙන් යුත් සරළ උපකරණ ඊට යොදා ගැණෙන බවයි වනජීවී අධ්‍යක්ෂ ජනරාල් ඩී ඩබ්ලිව් සී සූරියබණ්ඩාර නෙත් නිවුස් වෙත කියාසිටියේ.

එහි නියම ව්‍යාපෘතියක් ලෙස ඌව සහ දකුණු පළාත්වල එය කි‍්‍රයාත්මක කර ඇති අතර මෙය ලබන වසරේ සිට දිවයිනපුරා කි‍්‍රයාත්මක කිරීමටයි සැලසුම් කර ඇත්තේ. මෙම වැඩපිළිවෙල හරහා වන සතුන්ගේ හැසිරීම් රටාව මෙන්ම අවශ්‍ය දත්ත රැස් කිරීම, එම දත්තවලින් වැඩසටහන් කි‍්‍රයාත්මක කිරීමටද හැකිවන බවයි වනජීවි අධ්‍යක්‍ෂ ජනරාල්වරයා කියාසිටියේ. එම උපකරණ භාවිතය සම්බන්ධයෙන් වනජීවි නිලධාරීන් පුහුණු කිරීමේ වැඩසටහන්ද ආරම්භ කර තිබෙනවා.