පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වී සිිටින අපේක්‍ෂකයන් සූක්‍ෂම ලෙස මැතිවරණ නීති උල්ලංඝණය කිරීමට විවිධ උපක‍්‍රම යොදා ගන්නා බව පැෆරල් සංවිධානය පවසනවා. එහි විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවසුවේ ඇතැම් අපේක්‍ෂකයන් සිය ඡන්ද දායකයන් ඉලක්ක කර වන්දනා ගමන් සංවිධාන කර ඇති බවයි.
බඩු බෙදීම් වලින් ආරම්භ කළ මේ කටයුත්ත දැන් ආගමත් පාවිච්චි කරමින් කරන්න පටන් අරන්. මාතලේ අපේක්ෂකයෙක් වන්දානා ගමන් යන්න බස් දීලා. පොළොන්නරුවෙත් එහෙම කරල. මෙවැනි කූට ජාවාරම් කරන අයට ඡන්ද දෙන්න එපා."