Wednesday, January 15, 2025

General line - 0115112241

විදුහල්පතිනියට සාධාරණය ඉල්ලා වෘත්තිය ක්‍රියාමාර්ගයට සැරසෙන ගුරු සංගමය

නිශාන් ද සිල්වා




බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය ඌව පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා විසින් තර්ජනය කර දණ ගැස්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් කි‍්‍රයාමාර්ගයක් නොගතහොත් ලබන සතියේ වෘත්තීය කි‍්‍රයාමාර්ගයක් ආරම්භ කරන බව ලංකා ගුරු සංගමය පවසනවා.

එහි ප‍්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලිං පැවසුවේ සිද්ධියට සම්බන්ධ අධ්‍යාපන බලධාරීන් සම්බන්ධයෙන්ද වහාම කි‍්‍රයාමාර්ග ගතයුතු බවයි.

ගැටළුවට මුහුණදුන් බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පති භවානි රගුනාත් තමන් මුහුණදුන් සිද්ධිය ඊයේ (19) මාධ්‍ය හමුවේ විස්තර  කළා.