ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා විසින් බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය දණගැස්සවීමේ සිද්ධිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෙළා දකින බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පවසනවා.
අද (20) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
මේ අතර ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා විසින් බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය දණගැස්සවීමේ සිද්ධිය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම පරික්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
ඊට අදාළ කට උත්තරයක් එම විදුහල්පතිනියගෙන් ලබාගෙන ඇති බවයි මානව හිමිකම් කොමිසමේ ප්‍රකාශකයෙන් www.nethnews.lk කළ විමසීමක දී කියා සිටියේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණයක් කර වාර්තාවක් ඉදිරිපත් කරන බවයි එම කොමිසම සඳහන් කළේ.
කෙසේ වෙතත් ප්‍රධාන අමාත්‍යවරයාගේ ලිපියකට අවනත වී සිසුවියක් පාසලට ඇතුලත් නොකිරිම හේතුවෙන් ඇයට ප්‍රධාන අමාත්‍යවරයා විසින් තර්ජනය කර ඇති බවයි වාර්තා වන්නේ.
පසුගිය 2 දා ප්‍රධාන අමාත්‍යවරයාගේ නිල නිවසට කැඳවා අදාළ විදුහල්පතිනියට තර්ජනය කළ බවත් එහිදී දණගසා සමාව ඉල්ලා සිටි බවත් ඇය ඊයේ (19) ප්‍රකාශ කළා.
නමුත් එම විදුහල්පතිනිය මීට පෙර පැවසුවේ එවැනි තර්ජන කිරිමක් ප්‍රධාන අමාතයවරයා විසින් සිදු නොකළ බවයි.