කැලණිය රජමහා විහාරස්ථානයේ දුරුතු පෙරහැරට සමගාමීව පැවැත්වෙන පෙරහැර හේතුවෙන් අද (20) පස්වරුවේ බියගම - කොළඹ ප්රධාන මාර්ගය සහ විහාරස්ථානය අවට මාර්ග කිහිපයක රථ වාහන ධාවනය සීමා කෙරෙනවා.
පොලීසිය පැවසුවේ පස්වරු දෙකේ සිට රාත්රී 7 දක්වා කාලය තුළ කැළණිය සීමාමාලකය මාර්ගය, හතරේ කණුව සිට බියගම - කොළඹ ප්රධාන මාර්ගය, තොරණ හංදියේ සිට වරාගොඩ යන මාර්ග විටින් විට වසා තැබීමට සිදුවන බවයි.
මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසද පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කළා.
ලබන 23 සහ 27 යන දිනවලදීද අදාළ මාර්ගවල රථ වාහන ධාවනය සීමා කෙරෙන බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.